Life
මේ දිනවල බෝවෙන සමේ රෝගයක්
මේ දිනවල ලිෂ් මානියාසිස් නමැති සමේ රෝගය පිළිබඳ විවිධ මතිමතාන්තර පැතිර පවතියි. අප රටේ මෙම රෝගය පළමු වරට වර්තා වූයේ 1992 වසරේදීය. මෙම රෝගය පැතිර යන්නේ 'වැලි මැක්කා' නමින් හඳුනා ගන්නා කුඩා සතකු මාර්ගයෙනි.
වැලි මැක්කා
වැලි මැක්කා වඩාත්ම ක්‍රියාකාරි බවක් පෙන්වන්නේ අලුයම හා සවස් යන කාලවලදීය. බොහෝ විට ගොවියන් හා වනයේ සැරිසරන යුද සෙබළුන්ටද මෙම රෝගය වැලඳී ඇත. හුඹස්, වරිච්චි බිත්ති සහ කොළ අතුවලද මෙම සතා දැකිය හැකිය. ග්‍රාමීය ප්‍රදේශවල කුඩා දරුවන්ටද මෙම රෝගය වැලඳීමේ අවදානම පවතියි.
රෝග ලක්ෂණ
මෙම රෝගය සමේ ඇතිවූවිට රෝග ලක්ෂණ ලෙස සුව නොවන කල් පවතින තුවාල හා ගැටිති ඇතිවෙයි. ඇතැම් විට මේවා ඉබේ සුව වීමටද ඉඩ ඇත. කල් පවතින සමේ තුවාල, ගෙඩි හා ගැටිතිද මතුවිය හැකිය.
ශරීරය නිරාවරණ වන ස්ථානවල වැලි මැක්කා දෂ්ට කරන නිසා මුහුණ, අත, පපුව ආදී ප්‍රදේශවල මෙම රෝගය දක්නට ලැබේ. කුඩා බිබිළි වශයෙන් හට ගන්නා මෙහි වේදනාවක් හෝ කැසීමක් ඇති නොවන නිසා විශාල වෙමින් සමේ පැතිර යයි. මුල්ම අවස්ථාවේ හඳුනා නොගත් විට එය සමේ පැතිර ගොස් රෝගය උත්සන්න වෙයි.
ආරක්ෂාවට
වියළි පළාත්වල එළියෙ වැඩකරන පුද්ගලයන් මෙන්ම ඔවුන් නිවෙසින් බැහැරව නිදාගන්නා විටත් ශරීරය ආවරණය නොකරන හා නෙට් ආවරණ නැති නිසා වැලි මැක්කාගේ දෂ්ට කිරීමට ලක්වෙයි. මෙනිසා ශරීරය ආවරණය වන සේ ඇඳුම් අඳින්නේ නම් මින් ආරක්ෂා විය හැකිය.
ප්‍රතිකාර
ඉහත සඳහන් කළ ආකරයට ශරීයේ කුඩා බිබිළි හා තුවාල ඇතිවෙයි නම් වහාම ප්‍රධාන රජයේ රෝහලේ සමේ රෝග සායනය වෙත ගොස් ප්‍රතිකාර ලබාගන්න. මෙයට ප්‍රතිකාර ලබාදිය හැකි සුදුසුම ස්ථාන වන්නේ රජයේ රෝහලය. මුලදීම හඳුනා ගතහොත් සමේ කැළැල් අඩුවෙන් මෙය සුවකර ගත හැකිය. කල් තියා හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්නේ නම් මෙම රෝගය සුවකර ගැනීම අපහසු නොවේ.
Wmqgd .ekSu u